The Colombo Magistrate Court today ordered the Police to arrest Colombo District MP Duminda Silva in connection with the killing of former MP Bharatha Lakshman Premachandra and produce him before courts.
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැක කරුවෙකු වන දුමින්ද සිල්වා වහාම අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය. අද මෙම නියෝගය කලේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතාය.
මෙම නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කියා සිටියේ දුමින්ද සිල්වා සැක කරුවෙකු නොවන බවයි, අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතඥ මහතා ප්‍රශ්න කලේ, B වාර්තාවේ සඳහන් සාක්ෂි වලින් දුමින්ද සිල්වා වැඩි තැබූ බවට හා වැඩි තැබීමට නියෝග කල බවට පෙන්නුම් කරයි නම් ඔහු සැක කරුවෙකු නොවන්නේ කෙසේද? යනුවෙනි.
එම ඉල්ලීම පිළිගත් විනුසුරු වරයා දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතනයට සැකකරුවෙකු ලෙස නම් කොට වහාම ඔහු අත්තඩංගුවට ගෙන අධ්කරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කළේය.
No comments:
Post a Comment